විදේශයන්හි සිටින ඔබ වෙනුවෙන්ම

  • ✈️️

    මගියෙකුගේ බඩු බාහිරාදිය / ගමන්මළු පිළිබද අර්ථ දැක්වීම

    ගමන්මළු යනු:

    1. ගමන් මගියෙකුගේ, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පදිංචි ඇත්තෙකු (සංචාරකයෙකු නොවිය යුතුයි) බඩුබාහිරාදිය,එනම් ඔහු තම භාරකාරීත්වය යටතේ තමන් කටුව රැගෙන එන හෝ තමන් කටුව රැගෙන  එන මුත් භාරකරුවෙකු නොමැති භාණ්ඩ හෝ ශ්‍රී ලංකාවට පැමිණීමේදී වගකීම් සහිත තීරුවට යටත් නොවන වෙළෙදසැලකින් (Duty Free Shop) මිලදීගන්නා පහත සදහන් කොන්දේසි වලට යටත්වන දේවල්වේ.

    i. තමන්ගේ / තම පවුලේ සාමාජිකයකුගේ හෝ තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සදහා මිලදීගන්නා ලද, ප්‍රමාණයෙන් තනි භාණ්ඩයක් නොඑසේ නම් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් මගින් තීරණය කරනලද වාණිජ ප්‍රමාණයකට යටත් නොවන භාණ්ඩ .
    ii. මගියෙකු ශ්‍රී ලංකාවට පැමිණීමේදී තමන් සමග රැගෙන එන, ඔහු පැමිණීමට දවස් 30 පෙර ලංකාවට එවන ලද, ඔහුගේ පැම්ණිමෙන් දවස් 90 කට පසු ගෙන්වා ගන්නා, රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඒ ඒ අදාල අවස්ථාවේදී අනුමැතිය ලබාදෙන පරිද්දෙන් එවැනි කාල සීමාවක් ඇතුලත ගෙන්වාගන්න ලද හෝ වගකීම් සහිත තීරුවට යටත් නොවන වෙළෙදසැලකින් (Duty Free Shop) ලංකාවට පැමිණෙන මොහොතේ හෝ නේවාසික වීසා පළමුව නිකුත් කරනලද දිනයේ සිට දින 90ක් ඇතුලත රැගෙන එන භාණ්ඩ.
    iii. පහත සදහන් දෑ ඇතුලත් නොවන භාණ්ඩ
    - විකිණීම / හුවමාරු කරගැනීම යන්න අරමුණු කොට ගෙන ඕනෑම තීරුවට යටත් නොවන වෙළෙදසැලකින් (Duty Free Shop) මිලදීගත් හෝ ආනයනය කරන ලද භාණ්ඩ.
    - මගියාගේ නොවන වෙනත් අයෙකුට අයත් ( අයිතියට යටත් ) භාණ්ඩ.
    - යතුරු පැදි හැර වෙනත් මෝටර් වාහන, එන්ජින් ධාරිතාව 350CC හෝ අඩුවෙන් වන මෝටර් ස්කුටර හෝ ස්වයංක්‍රියව ගමන් කළහැකි සයිකල් සහ එවැනි වාහන මින්පෙර භාවිතා කර තිබෙන ඒවා නම් ඒවාහි පළමු ලියාපදිංචිය, නැවට පැටවූ දිනයේ සිට වසර 3ක් නොඉක්මවා තිබිය යුතුය.
    - පවුලේ සාමාජිකයෙකුට නොවන වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට ඇති භාණ්ඩ.

    2. ගමන් මගියෙකුගේ එනම් සංචාරකයෙකුගේ පෞද්ගලික බඩු භාහිරාදිය එනම් ඔහු ඇද / පැළද සිටින හෝ ශ්‍රී ලංකාවට පැමිණීමේදී තම පෞද්ගලික භාවිතය සදහා ඔහු විසින් රැගෙන එනලද භාණ්ඩ වේ.නමුත් ඊට පහත සදහන් දෑ ඇතුලත් නොවිය යුතුය.

    i. රේගු අධ්‍යක්ෂක ජෙනරාල් මගින් නිර්ණය කරනලද වාණිජ ප්‍රමාණයකට යටත් නොවන භාණ්ඩ හෝ
    ii. විකිණීම හෝ හුවමාරු කරගැනීමේ අරමුණින් ආනයනය කරනලද භාණ්ඩ හෝ
    iii. ගමන් මගියා හෝ ඔහු සමග සංචාරය කරන්නා, ඔහුගේ පවුලේ සාමාජිකයෙකු නොවන වෙනත් අයෙකුගේ අයිතියට යටත් භාණ්ඩ හෝ
    iv. වෙනත් පුද්ගලයෙකුට ත්‍යාගයක් වශයෙන් දීමට ඇති භාණ්ඩ.


    No comments:

    Post a Comment